April 17, 2024

කොරෝනා හේතුවෙන් මිය ගිය තුන් වැනි පුද්ගලයාට වෛරසය ආසාදනය වූ හැටි දෙගිඩියාවක්

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෙරේදා (01) මියගිය මෙරට 03 වන ආසාදිතයා රැඳී සිටි මරදාන, ආනල්ඞ් රත්නායක මාවතේ පිහිටි මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් 1,500 ක් පමණ නිරෝධායනයට ලක් කර තිබේ.

අදාළ ආසාදිතයාගේ සිද්ධිය වාර්තා වූ වහාම ඔහු පදිංචිව සිටි ස්ථානය අවට සියලූම ස්ථාන නිරෝධායන කටයුතු වෙනුවෙන් සූදානම් කළ බවත් අදාළ ආසාදිතයා දින ගණනාවක් අසනීප තත්ත්වයෙන් සිට ඇති බැවින් අසල්වැසියන් සහ ඥාතීන් විශාල පිරිසක් ඔහුව බැලීමට පැමිණ ඇති බවද වාර්තා වූ බවත් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසී ය.  

නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පෙරේදා මියගිය මෙම පුද්ගලයාගේ බෑනා විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවට අනාවරණ වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම තවත් ඥාති පුද්ගලයෙකු ද ඉන්දියාවේ සිට පැමිණ ගිහින් ඇති බවත් අනාවරණය වී ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ ඒ ආකාරයෙන් බවට දැනට සැක කෙරේ.

පෙරේදා මියගිය මෙම කොරෝනා ආසාදිතයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව පෙරේදා රාත්‍රීෙය්දී සිදු කෙරිණි.

Rate this item
(0 votes)