April 25, 2024

ඩුබායි සිට පැමිණ නිරෝධායනය නොවී සැඟව සිටි අයෙක් අත්අඩංගුවට

ඩුබායි සිට පැමිණ සෞඛ්‍ය උපදෙස් නොතකා, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු  දින 16 කට පසුව අද (01) සොයා ගත් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව දෙනියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එස් . වසන්ත කුමාර මහතා පැවසීය.

මෙසේ නිරෝධානයට  ලක් නොවී සැඟව සිට ඇත්තේ පල්ලෙගම ,දොඩබෙතොට ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

මොහු ඩුබායි සිට පැමිණ දින 16 ක කාලයක් තම නිවසේ ගත කර ඇති බවත් තමන් විදේශ රටක සිට පැමිනීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අංශ දැනුවත් නොකළ බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

පසුව අසල්වාසීගෙන් මෙම පුද්ගලයා ගැන ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ නිවසට ගොස් ඔහුට තරයේ අවවාද කර ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Rate this item
(3 votes)