April 16, 2024

මත්තෙගොඩ නිවසක් තුළ මියගිය පුද්ගලයාට කොරෝනා හැදිලා? මෘත දේහයට මුද්‍රා තබා පරීක්ෂණ අරඹයි

කොරෝනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (01) සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු බවත් මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1)  අලුයම මරණයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. 

මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී  කාර්යාලය දැනුවත් කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ කළ පරීක්ෂණයට අනුව මෙම මරණය කොරොනා වැලදී මිය යන්නට ඇති බවට සැක කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මතා මහතා පැවසීය.

ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත්තේය.  

පසුව  දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්තේය ගත්තේය.

එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

මේ අතර වෛද්‍ය පර්යේෂණායතනයේ වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස නිවැසියන්ට උපදෙස් ලබා දෙන ලදී. එසේම නිවස හා අවට විෂබීජ හරණයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)