April 19, 2024

විදෙස් ගතව පැමිණි අයට ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන් - ලියාපදිංචි නොවූවන්ට වැඩ වරදී

මේ වනවිටත් නව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇතැම් තැනැත්තන් වෛද්‍ය උපදෙස් ගරු නොකර වගකීම් විරහිතව, හැසිරීම නිසා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඇතැම් පුද්ගලයින් තවදුරටත් නිරෝධායනය මග හරිමින් සිිටින බව ද හදුනාගෙන තිබෙන අතර විදෙස්ගතව සිට ඉකුත් මාර්තු 16 වැනිදාත් මාර්තු 19 වැනිදාත් අතර කාලයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි සියලූදෙනා නිරෝධායනය සඳහා පොලිසියේ ලියාපදිංචි විය යුතු බවට උපදෙස් දී තිබේ. මෙම ලියාපදිංචිය සඳහා ලබා දුන් සහන කාලය අද (01) දහවල් 12 ට අවසන් වේ. 

ඒ දක්වාත් නිරෝධායනය සඳහා ලියාපදිංචි නොවුණහොත් එවැන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

නිරෝධායනය මග හරින්නන් සම්බන්ධයෙන් මෙන්ම ඇදිරිනීතිය උල්ලංඝණය කරන්නන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව කී‍්‍රයාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)