April 20, 2024

ඇඳිරි නීතියෙන් නීතිඥවරුන්ට බාධාවක් නැහැ

අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල  නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඇදිරි නීතිය පැවතුන ද ඔවුන් ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන් කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ හැදුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවල තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරිමට කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)