March 29, 2024

තංගල්ලේ හෝටලයක් වසා දමයි - සංචාරක මඟපෙන්වන්නෙකුට කොරෝනා වැළදෙයි

තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය ඊයේ (31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.

විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ.

Rate this item
(0 votes)