April 23, 2024

අකුරණ කොරෝනා රෝගියා ගුවන්තොටුපලේ සිට නිවසට රැගෙන ගිය වාහනය ගම්පොළින් සොයා ගනී

අකුරණ ප්‍රදේශයෙන් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයා  ගුවන්තොටුපොළේ සිට අකුරණ ඔහුගේ නිවස දක්වා රැගෙන ආ වෑන් රථය ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබි පොලිස් බුද්ධි අංශ නිලධාරින් ඊයේ (31) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම වෑන් රථයේ හිමිකරු වන අතර ඔහු සිය වෑන් රථය මිගමුව ප්‍රදේශයේ කුලි රථ අයතනයකට ලබාදි තිබේ.

වෑන් රථයේ රියදුරු නුවරඑළිය රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වාර්තා වේ.

මේ අතර අකුරන ප්‍රදේශයෙන් තහවුරු කර ගත් කොරෝනා වෛරස ආසාදිතයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගි වි ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආසාදිත පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කළද ගම්වාසින් ඒ පිළිබඳ තොරතුරු වසන් කිරිමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දඹුල්ල පොලිසිය එක්ව නිකවටවන ගම්මානයේ නිවාස හතක පුද්ගලයින් 33 දෙනෙකු සිය නිවාස තුළම ස්වං නිරෝධායනයකට ලක්කෙරුණි.

Rate this item
(1 Vote)