April 24, 2024

කොරෝනා රෝගීන් වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන් කරයි

නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සඳහා මිනුවන්ගොඩ සහ බේරුවල රෝහල් වෙන් කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ එවැනි සැක සහිත රෝගීන් සඳහා ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිල්ලේ ඇඳන් 50 කින් යුත් තාවකාලික රෝහලක් ඉදි කර ඇති බවත් එය දින දෙකකින් විවෘත කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ කොරෝනා සැක සහිත රෝගීන් ඇතුලත් කිරිම සඳහා හෝමාගම මූලික රෝහල සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ රෝහලට හෙට දිනයේ සිට බේරුවල රෝහලද තව දින දෙකකින් විවෘත කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසී ය.

Rate this item
(0 votes)