May 27, 2020

රට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ ‌නොහැකි මට්ටමට? තීන්දුව ජනතාව අතේ

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පවත්නා බැරෑුම් තත්ත්වය තුළ ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම නිර්ණායක බැහැර කරමින් ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බව ඔවුන් ‌‌පෙන්වා ‌දෙයි.

ලංකා වතු සේවක සංගමය සඳහන් කරන්නේ මෙරට වතු ආශ්‍රිතව සේවය කරන 140,000 පමණ පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.

එහි ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා විසින් පෙන්වා දෙන්නේ ඒ නිසා වතු ආශ‍්‍රිත කටයුතු තාවකාලිකව වහාම නතර කරන ලෙසයි.

වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

කොරෝනා වෛරස් ඒ වේගයෙන් පැතිර යද්දී තේ වතු කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති පියවර නැවත සලකා බලන්නැයි ඔහු එමඟින් ඉල්ලා සිටී.

මෙම තීරණය අත්හිටුවන්නේ නැතිනම් රටටම ඉතා භයානක ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බව ද ඔහු ලිපිය මගින් පෙන්වා දී ඇත.

Rate this item
(1 Vote)