April 25, 2024

රට තුල කොරෝනා පැතිරී ඇත්දැයි සෙවීමට ජනතාවගේ නියැදි ලබා ගැනීමට යයි

වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත ඉදිරියේදී සමාජයේ සිටින පුද්ගලයින් ගෙන් ලබා ගන්නා නියැදි මගින් කොරෝනා වෛරසය රට තුල පැතිරි ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරිම ආරම්භ කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

දැනට මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාධනය වූ පුද්ගලයින් 112 දෙනා සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 2210 දෙනෙක් සොයා ගත් බවත් ඔවුන් මේ වන විට වෙන් කොට තැබීමට පියවර ගැනීම නිසා සමාජයට වෛරසය පැතිරීම අවම කිරිමට හැකිවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ‌පෙන්වා දුන්නේය.

මේ වන විට නිරෝධායනයට ලක් වී සිටින පුද්ගලයින් ගේ පමණක් නියැදි ලබා ගෙන කොරෝනා පරීක්ෂණය සිදු කරන බව ‌ඔහු සඳහන් කළේය.

නමුත් සමාජය තුල මෙම වෛරසය ව්‍යාප්තවී නොමැති බවට දැන ගැනීම සඳහා සමාජයේ සිටින පුද්ගලයින් ගෙන් ලබා ගන්නා නියැදි පරික්ෂා කිරීම වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

.

Rate this item
(1 Vote)