March 28, 2024

කොළඹ සුප්‍රසිද්ධ පෞද්ගලික අයතනයක් කැලණි ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කරලා

අවිස්සාවේල්ල පාරේ, කඩුවෙල වෙළේ හංදිය යන ස්ථානයේ කැලණි ගඟට මීටර 100ක පමණ දුරකින් පිහිටි පහත් බිමකට මල අපද්‍රව්‍ය බැහැර කළ පෞද්ගලික ආයතනයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරය අද (30) කටයුතු කළේය.

කොළඹ, සුප්‍රසිද්ධ පෞද්ගලික අයතනයක් විසින් ඔවුන්ට අයිති ඉඩමකට පසුගිය 17 වන දින මෙලෙස මල අපද්‍රව්‍ය බැහැර කර ඇති බව වාර්තා වී තිබේ.

මෙනිසා කැලණි ගඟේ ජලය දූෂණය වීමට දැඩි අවදානමක් පවතින අතර ප්‍රදේශයේ දුර්ගන්ධය පැතිරීම සහ මැසි, මඳුරු ගහනය වැඩි වීම යන හේතූන් මත ප්‍රදේශවාසීන් අපහසුතාවට පත්ව තිබේ. 

මෙම තත්ත්වයන් මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරීය කටයුතු කරමින් සිටියි. 

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඊයේ පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නවගමුව පොලීසිය එක්ව සිදුකළ ක්‍ෂේත්‍ර නීරීක්‍ෂණයක දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණටය ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)