May 25, 2020

තහනම් පනවා තිබිය දී රැස්වීම් පැවැත්වූවාට ඩලස්ට සහ කාංචන දැඩි විරෝධයක්

සෞඛ්‍ය බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සමාජ දුරස්ථ ක්‍රමවේදයන් නොතකා දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ කොට්ටාස සංවිධායකවරයෙක් වු කරුණා කොඩිතුවක්කු මහතාගේ නිවසේ දී මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

ඇඳිරි නීතිය පැනවූ කාලය තුළ දේශයේ මහජනයාට සහන සැලසීමේ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් වුවත්, කරුණා කොඩිතුවක්කු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනු දැක ගන්නට ලැබුණි.

සමාජජාල මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම ගැන කතා කළ බොහෝ දෙනෙක් පාලක පක්ෂයේ අමාත්‍යවරුන්ගේ හැසිරීම පිළිබඳව සහ වගකීම් විරහිත භාවය පිළිබඳව විවේචනයන් එල්ල කර තිබුණි.

Rate this item
(3 votes)
Last modified on Monday, 30 March 2020 15:32