May 25, 2020

සමගි ජන බලවේගයෙන් රජයට යෝජනා තුනක්

වත්මන් අර්බුදය හමුවේ සමගි ජන ජන බලවේගය විසින් රජය වෙත යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ ය.

එහි පළමුවැන්න ලංකාවේ ජීවත් වන සෑම පවුලකටම සතියකට පමණ සෑහෙන අත්‍යවශ්‍ය ආහාර මල්ලක් බෙදා දීම ය.

එවැනි යෝජනාව ලෙස මුදල් හදල් ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ආරක්ෂිත වෙළඳසැල් කිහිපයක් සෑම ප්‍රදේශයකම විවෘත කර තැබීමත් තුන්වෙනි යෝජනාව ලෙස මෙම අර්බුදය හමුවේ රී දී රට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන සිදුවන ආර්ථික මෙන්ම ආහාර හා බෙහෙත් අර්බුදයට දැන් දැන්ම විසඳුම් හා ක්‍රමෝපායන් සකස් කර ගැනීමයි.

එදිනෙදා ස්වන් රැකියා කරමින් දෛනිකව මුදල් උපයා ජීවන රටාවක් ගෙන ගිය පිරිස් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන අතර ඔවුන් තම පක්ෂයේ සාමාජිකයන්ගෙන් ආධාර උපකාර ඉල්ලා කතා කරන බවද සඳහන් කළේය.

Rate this item
(0 votes)