April 24, 2024

ඇත්තටම අපි වාසනාවන්තයි..ලංකාවේ ක්‍රමවේදය වඩා සුරක්ෂිතයි - බ්‍රිතාන්‍ය ජාතිකයෙක් BBC ඔස්සේ මුළු ලෝකයටම කියයි

කොරෝනා වෛරසයට එරෙහිව සිදුකරන සටනේදී බ්‍රිතාන්‍යයට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු BBC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ තම නිවාඩුව ගත කිරීම සදහා ගොස් සිටියදී පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ නැවතත් බ්‍රිතාන්‍යයට පැමිණි ලන්ඩනයේ වෙසෙන Graeme Abbott නම් වූ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයකයා BBC පුවත් සේවය සමග සජීවීව එක්වෙමින් තමන් ලද අත්දැකීම් ගැන ප්‍රකාශ කර තිබේ.

ඉකුත් 21 වෙනිදා ශ්‍රී ලංකා රජය විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවන බවට නිවේදනය කිරිමත් සමග රජයේ හමුදා සහ පොලිසිය ඉතා යුහුසුළුව රාජකාරි ආරම්භ කළ බවත් එමෙන්ම මෙහිදී රජය සිය රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියා මාර්ග තමන් සියැසින් දුටු බව මෙහිදී කියා සිටියේය.

බ්‍රිතාන්‍ය බලා ඒමට තමන් ගුවන්තොටුපලට පැමිණීමෙන් පසු ක්‍රමවත් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කළ බවත් සියලුම දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම, අත් වැසුම් හා මුකවාඩම් දැමීම වැනි දේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලේදී බලධාරීන් අනුගමනය කල බවත් නමුත් ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපලේදී බලධාරීන් කිසිවෙක් ආරක්ෂක ක්‍රියා මාර්ග ගෙන තිබෙන අයුරු තමන් නොදුටු බවත් මගීන් අතර පරතරය පවත්වා ගෙන සිටින්නැයි උපදෙස් ලබාදීම හැර වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති අයුරු තමන් නොදුටු බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

Graeme Abbott පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමවේදය බ්‍රිතාන්‍යය විසින් සිදුකරනු ලබන ක්‍රමවේදයට වඩා සුරක්ෂිත බවත් ශ්‍රී ලංකාවේ බලධාරීන් ඉතා ප්‍රශස්තව එම කටයුතු සිදුකරන බවයි.

ඇත්තටම අපි වාසනාවන්තයි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම ගැන ඔහු අවසානයේදී අවධාරණය කළේය.

Rate this item
(1 Vote)