April 19, 2024

මෙරටදී මිය ගිය පළමු කොරෝනා ආසාදිතයාගේ අවසන් කටයුතු අද - දේහය බැලීමට අවසර ඥාතීන්ට පමණයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය පළමු පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා වේ.

මුද්‍රා තබා ඇති එම දේහය පවුලේ ඥාතීන්ට පමණක් සුළු වේලාවක් බැලීම සඳහා අවසර හිමිවේ.

මෙලෙස මියගොස් තිබුණේ මෙරටින් හමුවූ සිව් වන කොරෝනා ආසාදිතයායි. ඔහු අවසන් වරට ජර්මනියේ සිට පැමිණි විදේශිකයන් පිරිසකට මාර්ගෝපදේශ සපයා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වී මෙලෙස ඊයේ (28) මියගොස් තිබුණේ අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙකි.

මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලින්ද පෙළෙනු අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 March 2020 11:16