April 20, 2024

කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක සංචාරය කළ බවට තොරතුරු හෙළිවෙයි Featured

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පෙරේදා තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය ප‍්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි.

කොරෝනා රෝගය තහවුරු වූ මෙම පුද්ගලයා ඉකුත් දින කිහිපයේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට ද ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම් වලට සම්බන්ධ වී ඇති බව ද තොරතුරු පවතින බව අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ අතර බණ්ඩාරගම අටලූගම ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කළ බව ආරක්ෂක අංශ පැවසීය.

ඒ අනුව එම ප‍්‍රදේශයේ කිසිඳු පුද්ගලයෙකුට එම ප‍්‍රදේශයෙන් පිටතට යාමට හෝ එම ප‍්‍රදේශයට ඇතුළුවීමට මේ මොහොතේ සිට අවසර නොලැබේ.

මැදපෙරදිග සිට පැමිණි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ හැසිරීම මෙම තීරණයට හේතු වී තිබේ.  

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් 26 දෙනෙකු සමීපව ඇසුරු කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසී ය. 

 

Rate this item
(0 votes)