April 20, 2024

කොරෝනා නිසා මියගිය ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයෙන් දී

කොරෝනා වෛරසය ආසාදනය ස්විට්සර්ලන්තයෙන් දී මිය ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එරටදීම සිදුකරන බව වාර්තා වේ.

මෙම පුද්ගලයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එරට පිහිටි තනාපති කාර්යාලය සමග සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යංශය පැවසීය.

යාපනය - පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ මෙම 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ඊසානදිග ස්විට්සර්ලන්තයේ සෙන් - ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව වාර්තා වේ.

ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටි අයෙකු බව විදේශ අමාත්‍යාංශය පැවසී ය.

පසුගිය 25 වන දා මිය ගොස් ඇති ඔහුගේ මරණයට හේතුව කොවිඩ් නයින්ටීන් වෛරසය බව සනාථ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය, ලක් රජය වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 11,951 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 197ක් ද වාර්තා විය.

Rate this item
(0 votes)