April 19, 2024

චාල්ස් කුමරුට කොරෝනා බෝ වුණේ ඉන්දීය සුපිරි ගායිකා කනිකා කපූර්ගෙන්ද?

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් යැයි සැක පහළ වී තිබේ.

කනිකා කපූර් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුයේ චාල්ස් කුමරු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමට දින කිහිපයකට පෙරයි.

කනිකා කපූර් පසුගියදා ලන්ඩන් නුවරට පැමිණ සිටි අතර ඇය ලන්ඩනයේ පැවති එළිමහන් සාදයකදී චාල්ස් කුමරුව හමුවී තිබේ.

41 හැවිරිදි ගායිකාව කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූයේ ඇය ආපසු ඉන්දියාවට යෑමෙන් පසුවය.

සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් 71 හැවිරිදි චාල්ස් කුමරුත් කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වුයේ පසුගිය 25 වන දිනයි. 

චාල්ස් කුමරු ලන්ඩන් නුවරදී ආසාදිත පරීක්ෂණයකට යොමු කර ඇත්තේ සෙසු බ්‍රිතාන්‍ය වැසියන් සමඟ බව වාර්තා වේ.

තමන්ගේ වාරය පැමිණෙන තුරු පරීක්ෂණය කිරීමට කුමරු කැමැත්ත පළ කර තිබුණු බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

මේ අතර කනිකා කපූර් මුණ ගැසුණු ඉන්දීය හිටපු මහඇමතිනියකටත් කොරෝනා වැළඳී ඇති බව පසුගිය දිනෙක ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

කනිකා කපූර්ගේ නොසැලකිල්ල හේතුවෙන් පොලිසිය ඇයට නඩු පවරා ඇති බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)