April 25, 2024

බෙදාහැරීමේ ජාලය බිඳ වැටීමෙන් ළදරු කිරිපිටි හිඟයක්

ගාලු දිස්ත්‍රික්කයේ ළදරු කිරි පිටි වල හිඟයක් පවතින බව  පාරිභෝගිකයෝ කියති.
 
ඒ අනුව තම ළදරුවන්ට පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම ගැටලුවක්ව පවතින බව මව්වරුන් කියයි.

මීට ප්‍රධානතම හේතුව මෙම කිරි පිටි බෙදාහැරීමේ ජාලය හරි හැටි ක්‍රියාත්මක නොවීම බව ද වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මීට අමතරව පරිප්පු සහ ටින් මාළු හිඟයක්ද ප්‍රදේශය පුරා පවතින බව අනාවරණය වී තිබේ.

Rate this item
(0 votes)