March 29, 2024

නිරෝධායන සහතිකය නැත්නම් විදෙස් ගත වෙන්න ඉඩ දෙන්නේ නෑ - විදෙස්ගතව පැමිණි ලාංකිකයින්ට රතු එළියක්

කොරෝනා ව්‍යාප්තිය සිදුවූ කාල සීමාවේදී විදෙස් රටවල සිට මෙරටට පැමිණි සියලුම පුද්ගලයින් යලි විදෙස් ගතවීමේදී නිරෝධායන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේවන විට වාචිකව ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනටමත් දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී ලිඛිතව දැනුවත් කරන බවත් ඔහු සඳහන් කළේය.

නිරෝධායනය නොවූ කිසිවෙකුට විදෙස් ගත වීමට කිසිසේත් අවසර නොදෙන බවත් ලියකියවිලි ප්‍රශ්න මත හෝ වෙනත් නමකින් විදෙස්ගතව නැවත පැමින සිටීම වැනි ගැටලු මත විදෙස්ගතව පැමිණ සිටින ලාංකිකයින්ට එම කරුණු වලට නීතිය ක්‍රියාත්මක නොවන බවත් එම ප්‍රශ්න මේ අවස්ථාවේදී එය වැඩක් නොමැති බැවින් ඒ පිළිබඳ සොයා නොබලන බවත් අජිත් රෝහණ මහතා පැවසී ය.

නිරෝධායනයට එක් නොවන අයට කිසිදු පැකිලීමකින් තොරව දයාව කරුණාව නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ රාත්‍රියේ හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනට එක්වෙමිනි.

Rate this item
(1 Vote)