April 05, 2020

පළමු ලාංකික කොරෝනා රෝගියා රුධිරය පරිත්‍යාග කරයි - අසාධ්‍ය කොරෝනා රෝගීන් දෙදෙනාට දෙන්න පරීක්ෂා කරයි

කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26)  කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පවසයි.

ජයන්ත රණසිංහ මහතා රෝගය වැළඳී ප්‍රතිකාර ලබන කාලය තුළදී ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ඒ මහතාගේ රුධිරය ලබාගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන් විමසා තිබූ අතර ඒ පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස් පැය දෙකහමාරකට පමණ පසුව නැවත නිවසට පැමිණි බව ජයන්ත රණසිංහ මහතා පැවසීය.


Rate this item
(0 votes)