April 25, 2024

කොරෝනා රෝගීන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ - IDH රෝහලට තවත් දැඩි සත්කාර ඇඳන් 06ක්

ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

තවදුරටත් දිවයින පුරා රෝහල් වල කොරෝනා අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මේ අතර නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කෙරෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ රෝහල වන IDH උණ රෝහල වෙත ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු දැඩි සත්කාර ඇදන් 06ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 06ක් පරිත්‍යාග කර තිබේ.

IDH උණ රෝහල සතුව මෙතෙක් පැවතියේ දැඩි සත්කාර ඇඳන් 04ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 04ක් පමණයි. 

 

Rate this item
(0 votes)