April 25, 2024

දිවයින පුරා පොලිස් මාර්ගබාධක යොදා විශේෂ පරීක්ෂාවක්

ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මහජනතාවට දෛනික කටයුතුවලදී මතුවන අවශ්‍යතාවයන් පිළිබඳ දැනුම්දීම සදහා පොලිස් මූලස්ථානය විසින්දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබේ. 

රෝගී තත්ත්වයන්, විදුලිය හා ජල සැපයුම බිඳ වැටීම් සහ ඖෂධ අවශ්‍යතාවයන් ඇතුළු සමාජ අවශ්‍යතාවයන් පිළිබඳ මෙම දුරකතන අංකවලට දැනුම්දිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 

ඒ අනුව 119 දුරකතන අංකයට හෝ 011 2 44 44 80 සහ 011 2 4444 81 යන දුරකතන අංකවලට ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. 

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරියෙකු ලබන අප්‍රේල්මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණමහතා සදහන් කළේය.

මේ අතර ඊයේ (24)  දිනයේ සිට දිවයින පුරා විශේෂ පොලිස් මාර්ගබාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද අජිත් රෝහණමහතා පැවසීය.

Rate this item
(2 votes)