April 19, 2024

රටවල් 195කට කොරෝනා ව්‍යාප්තව වෙලා

නව කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා කෝටි 130ක ජනගහනයකින් යුත් ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වූ ඉන්දියාව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දින 21කට වසා දැමුණි. 

මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා පවසන්නේ, අධිවේගී දුම්රියක් තරම් වේගයෙන් වෛරසය ප්‍රාන්තය පුරා ව්‍යාප්තවෙමින් පවතින බවයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය යේ කිරුළ හිමි චාල්ස් කුමරුන්ටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

චීනයෙන් ආරම්භ ලොව පුරා රටවල් 195ක ව්‍යාප්තව වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට සිදුව ඇති සමස්ත මරණ ගණන 18,953කි. ඒ ලෝක ජනගහණයෙන් 425000කට වැඩිදෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි.

උද්ගතව ඇති තත්ත්වය සලකා  ලොව දෙවැනි වැඩිම ජනගහණයක් ඇති රාජ්‍යය වන ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඒ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් 562දෙනෙකු හදුනාගෙන මරණ 11ක් පමණක් සිදුව ඇති පසුබිමකයි.

ඇඳිරිනීතියක් ලෙසින් ප්‍රකාශයට පත්කර, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මෙම නව නීතිය යටතේ බිලියන 1.3ක් වන සමස්ත ඉන්දීය ප්‍රජාවටම දැඩි බලපෑම් එල්ල කෙරෙනු ඇත.

මේ අතර අගමැතිවරයාගේ ප්‍රකාශයත් සමග නවදිල්ලි අගනුවර ඇතුළු නගර රැසක ජනතාව පෙරේදා රාත්‍රී කාලයේදී ලහි ලහියේ භාණ්ඩ මිලට ගන්නා ආකාරය දක්නට ලැබුණි. 

කෙසේ වෙතත් කෝටි 130ක ජනතාවට ඉදිරියේදී අවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයන් ඉන්දීය ආණ්ඩුව මෙතෙක් නිශ්චිත වැඩපිළිවෙලක් හඳන්වා දී නොමැත. 

වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඉතාලියෙන් ඊයේ දිනයේදී මරණ 743ක් වාර්තා වූයේ සමස්ථ මරණ ගණන 6 820ක් දක්වා ඉහළ දමමින්ය. එය වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් වාර්තාවු මරණ ගණනට සාපේක්ෂව දෙගුණය ද ඉක්මවායාමකි.

මේ අතර ඉතාලියේ නගර කිහිපයක නගරාධිපතිවරුන්ද ජනතාවට නිවෙස් තුළ රැදී සිටින ලෙස අවධාරණය කරන වීඩියෝ කිහිපයක් මාධ්‍ය වෙත නිකුත්වී තිබුණි.

ඔවුන් එහිදී අවධාරණය කළේ ජනතාවගේ නොසැලකිල්ල සහ රජයේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් රට තවතවත් අගාධය වෙත යොමුවන බවයි.

මේ අතර යුරෝපා කලාපයට ස්පාඤ්ඤයෙන් ද ගතවූ දිනයේදී පමණක් මරණ 680ක් වාර්තා වුණි. එරටින් හදුනාගත් සමස්ත මරණ ගණන 2991කි. ආසාදිතයින් ගණන 42000 ඉක්මවා ගොස් තිබේ. 

Rate this item
(0 votes)