September 25, 2020

බොරදියේ මාළු බාන්න ගිය කප්රුක ආයතනය පාරිභෝගික සේවා අධිකාරියෙන් වටලයි (VIDEO)

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළට පැමිණීමත් සමඟ සාමාන්‍ය ජන ජීවිතය සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් වී තිබේ. පෞද්ගලික රැකියා ස්ථාන ඇතුළු රජයේ සියලු අත්‍යවශ්‍ය නොවන ආයතනයන් පාහේ නිවාඩු ලබා දී ඇඳිරී නීතිය ද පනවා තිබේ.

ඇඳිරී නීතිය පැනවිමත් සමඟ පැන නැගුණු ගැටලුවක් වුයේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීමයි. මේ නිසා දින 4ක් පුරාවට පනවා තිබුණු ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසුව මීටර් සිය - දෙසියය ගණන් දිගු පෝළිම්වල සිට ජනතාවට ආහාර පාන සහ අත්‍යවශය ද්‍රව්‍ය ගැනීමට සිදුවිය.

බොහෝ දෙනා තමන්ට ඉක්මණින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සෙව්වෝය. රටේ එවන් දුෂ්කර අවස්ථාවක් මැද වූවද සියලු දෙනා එකට එක්ව කොරෝනා වෛරසය මර්දනයට යුද වැදී සිටින අවස්ථාවක පිරිසක් බොර දියේ මාළු බාමින් සිටිය දී පාරිභෝගික සේවා අධිකාරිය විසින් නඩු දැමූ පුවතක් වාර්තා වෙයි.

නමුත් රටේ අහිංසක ජනතාවගේ අසරණ බව උපයෝගී කරගෙන කප්රුක නම් අන්තර්ජාලය හරහා ගනුදෙනු කරමින් බඩු භාණ්ඩ බෙදා හරින වෙළෙඳ ආයතනයක් සාමාන්‍ය සිල්ලර මිලත් ඉක්මවා බඩු භාණ්ඩ බෙදා හරමින් බොර දියේ මාළු බාමින් සිටියේය.

නිවසෙටම අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් දෙනවායැයි කියූ විට කොරෝනා වෛරස් අවදානමට බියගැන් වී සිටින අහිංසක ජනතාවට එය මහත් අත්වැසිල්ලකි. ඒ නිසා බොහෝ දෙනා මෙම ආයතනය හරහා තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙන්වා ගැනීමට කටයුතු කළෝය. නමුත් ඔවුන් බොහෝ දෙනා මෙම කූඨ ව්‍යාපාරය හසුවිය. බොහෝ දෙනා ෆේස්බුක් හරහා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කර තිබුණි.

එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත් ,රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත් ,රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි කර ඇති බවද පාරිභෝගික සේවා අධිකාරිය අද (25) කළ වැටලීමේ දී සොයාගත්තේය.

මිනිස්සුන් අසරණව ඇති අවස්ථාවක ඔවුන්ගේ ආහාර පානවලින් පවා මෙම ආයතන ප්‍රධානීන්ට හැකි වුණේ කෙසේදැයි මිනිස්සු ප්‍රශ්න කරති. ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනා දැඩිව ප්‍රකාශ කරති. එම ආයතනයේ ප්‍රධානී දුලිත් හේරත් යන අයට සහ ආයතනයට වැඩි මිලට බඩු භාණ්ඩ ගත් සියලු දෙනාට නැවතත් බිල් සකසා උපරිම සිල්ලර මිලට වඩා අයකරගත් සියලු මුදල් නැවත ගෙවන ලෙසද පාරිභෝගික සේවා අධිකාරිය නියෝග කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2020 23:54

Live