April 06, 2020

ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවු වාර්තා තහවුරු කරන්න බෑ

ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙසීනා නගරයේ වාසය කළ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඇති වූ රෝගාබාධයකට ලක්ව මිය ගිය බවට පළවූ වාර්තා නිවැරදි නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

කිසිදු ලාංකිකයෙකු කෙරෝනා රෝගයට ගොදුරු වී හෝ ඉන් මියගිය බවට එරට සෞඛ්‍ය බලධාරීන් ගෙන නිල වාර්තා කිසිවක් නොමැති බවද ඇය පැවසුවාය .

ඒ සම්බන්ධයෙන් පුවතක් පළ කළ ඉතාලි මාධ්‍ය වලටද නිවැරැදි තොරතුරැ පල කරන ලෙස රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දුන් බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව කීවාය.

Rate this item
(0 votes)