April 06, 2020

නිරෝධායනය වූ තවත් 201දෙනෙකු සිය නිවාස වෙත

විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 201දෙනෙකු අද (25) නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 144දෙනෙකු, මඩකලපුව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 57දෙනෙකු අද මෙලෙස නිවෙස් බලා පිටව ගිය බවයි.

එම පුද්ගලයින් පදිංචි ප්‍රදේශවලට ආසන්න පොලිස් ස්ථාන වෙත භාරදෙන බව ද යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පසුව එම පොලිස් ස්ථාන විසින් ඔවුන් නිවෙස් කරා රැගෙන යාමට කටයුතු කරනු ඇති.

මේ අතර ඊයේ (24) දිනයේදී ද නිරෝධායනයට ලක්වූ 311දෙනෙකු නිවෙස් වෙත යොමු කෙරුණි.

Rate this item
(0 votes)