April 05, 2020

ඉතාලියේදී ලාංකිකයෙකු මිය යයි - රෝහල් ගත කළ තවත් ලාංකිකයින් 8කට කොරෝනා දැයි සැක

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.

කෙසේ වෙතත් ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇති අතර එයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වි නොමැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ  ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බවයි.

අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර වෛරසය ආසාදිත බවට සැකකරෙන පුද්ගලයින් 08 දෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රෝම තනාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයින්  40ත් 50ත් අතර පිරිසක් ඉතාලිය තුල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2020 17:57