April 24, 2024

විජේවීරගේ පුතා හදිසියේම අද මහින්ද හමුවෙයි Featured

අගමැති මහින්ද රාජපක්‍ෂ හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද (13) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් පවසයි.

උවිඳු විජේවීර මහතා රුසියාවේ සිට එස්.යූ 6265 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 9.05 මෙරටට පැමිණීමට නියමිත අතර ඉන් පසුව මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.

මහ මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට හෝ ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් පසුවන බවද එම ආරංච් මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)