April 18, 2024

රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි

තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.

එසේම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා පෙත්සම් හි වගඋත්තරකරුවන් වන නීතිපති, වැඩබලන පොලිස්පති ඇතුළු  හය දෙනෙකුට නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.

අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එදින දහවල්ම අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදි ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම හෙටට කල් තැබිණි.

Rate this item
(0 votes)