April 24, 2024

රවී සඟවා ගෙන සිටින තැන ගැන අගමැති මහින්ද කියයි

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ සමයේ විරුද්ධවාදීන් සිරගත කිරීමට සැලසුම් සකස් කළ ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඟවාගෙන ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සැක පළ කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම පිණිස වත්මන් රජයේ ප්‍රබලයෙකුගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පෙරේදා (08) ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ සිදුවූ වංචා දූෂණ හෙළිදරව් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු මන්ත්‍රීවරයා සඟවාගෙන ඇති බවත් පසුගිය රජය සමයේ ජනතා විමුක්ති පෙරමුණද එහි ප්‍රබල භූමිකාවක් රඟපෑ බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

අරුණ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

Rate this item
(0 votes)