March 29, 2024

ජනපති ගෝඨා තොණ්ඩමන්ට දුන් පොරොන්දුව ඉටු කරයි Featured

වතුකරයේ විශ්වවිද්‍යාල සඳහා තේරි පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවැසුවේ වතුකරය සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ඉදිකිරිම සම්බන්ධයෙන් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් හැටන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදි කිරිම සඳහා  ඉඩම් පිළිබදව නිරික්ෂණය කිරිමට සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

“පසුගිය ජනාධිපතිවරණයට පෙර අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑළිය රැස්විමේදි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලිම මත ප්‍රතිඥා දිලා තිබු වතුකරයේ ජනතාවගේ දරුවන්ට විශ්වවිද්‍යාලයක් ලබාදෙනවා කියලා.

එ අනුව අද අපි කරන නිරික්ෂණ චාරිකාවෙන් හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක් බවට පත් කරන්නත්, කොටගල අංග සම්පුර්ණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නත් කැබිනට් අනුමැතියත් ලබාගෙන ලබන වසරේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

කොටගල විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණය , ජෛව පද්ධති තාක්ෂණය , තොරතුරු තාක්ෂණය යන අංශයන්ගෙන් අංග සම්පුර්ණ විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම තමයි අරමුණ.”

Rate this item
(0 votes)