March 28, 2024

“මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට“ ගම්මන්පිලගේ කෘතිය එළිදකී

පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත  “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 

2015 ජනවාරි 8වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතියෙහි අන්තර්ගතය වී ඇත.. 

කෘතිය මහා සංඝරත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට අමාත්‍ය විමල් වීරවංශ මහතාට හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට පිළිගැන්වනු ලැබීය.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා කෘතිය පිළිබඳ හැඳින්වීම සිදු කළේය. 

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)