May 27, 2020

තුනෙන් දෙකක් නෑ කියලා ඇඬුවට ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ - ෆොන්සේකා

වත්මන් රජය ජනතාවට ලබා දුන් මැතිවරණ පොරොන්දු මේ වන තෙක් ඉටු කිරීමට අසමත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ විපක්ෂය ජනතාවට ශක්තියක් වීමට සූදානම් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසිය.

"වත්මන් රජය දවස් 100ක් නිදාගෙන හිටියා. හැමදාම තුනෙන් දෙකක් නෑ කිය කිය අඬ අඬා ඉන්නවා. ඒ අය ඇඬුවා කියලා ජනතාවගේ බඩ පිරෙන්නේ නෑ. අපේ රජය දින 100න් විශාල වැඩ කොටසක් කළා, ව්‍යවස්ථාව වෙනස් කළා, ස්වාධීන කොමිෂන් සභා ගෙනාවා, රජයේ සේවකයින්ට රුපියල් 10000ක් වැඩි කළා. නමුත් මේ රජය නිදාගෙන ඉන්නවා, අකාර්යක්ෂමයි. ඒ නිසා අපි හිතනවා ජනතාව මේ තත්ත්වය අවබෝධ කර ගනී කියලා."

Rate this item
(0 votes)