April 25, 2024

නීතියට පිටින් කෝටි 130ක සන්නිවේදන උපකරණ අරන් - උපකරණ ගෙන්වූ සමාගමත් වසා දලා

February 27, 2020

නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර 2016 සහ 2017 වසරවලදී රුපියල් කෝටි 130ක් වටිනා සන්නිවේදන උපකරණ තොගයක් මිලදීගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එසේ මිලදී ගත් උපකරණවලින් ඇතැම් ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත් ඇතැම් උපකරණවල ඇසුරුම් පවා ඉවත් කර නොමැති බවත් වාර්තා වේ.

මැද පෙරදිග රටක තිබෙන සමාගමකින් මේ උපකරණ මිලදී ගෙන ඇති අතර තොග තුනක් වශයෙන් ඒවා මෙරටට ගෙනැවිත් ඇති බවද වාර්තා වේ.

මෙරටට ගෙනා සන්නිවේදන උපකරණ අලෙවි කළ සමාගම මේ වනවිට වසා දමා ඇති බව ද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් මෙම මිලදී ගැනීම්වලට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ සබඳතාවක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

‘වැදගත් පුද්ගලයන් (වී.අයි.පී)’ කිහිපදෙනකුගේ භාවිතය සඳහා ජංගම දුරකතන 10ක් මිලදී ගෙන ඇති අතර ඒවා මේ වනවිට ක්‍රියාත්මක නොවන බවද එම දුරකතන මිලදී ගැනීමේදී නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය පිළිබඳ නොමැති බවද දැනගන්නට ලැබේ.

මෙම දුරකතන මිලදී ගැනීමේ දී පොලිසිය, හමුදා බුද්ධි අංශ හෝ ඒ සම්බන්ධයෙන් විශේෂඥතාව දක්වන කිසිවකුගෙන් උපදෙස් ලබාගෙන නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)