April 19, 2024

සජිත්ගේ ආරාධනාව ශ්‍රීලනිපය හරවා යවයි  

February 26, 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආරාධනාවක් ලැබී නොමැති බව ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිපයට කවුරු හෝ ආරාධනා කළද එය බාර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එවැනි සාකච්ඡාවක ශ්‍රීලනිපය නොමැති බවත් ඔහුසඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කිසිදු කෙනෙහෙලිකමක් නොමැති බවත් දිසානායක මහතා පැවසී ය.

පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බවයි.

පිවිතුරු රටක්, පවිත්‍ර දේශයක්, නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා තම පෙරමුණ සමඟ එක්වෙන්නැයි එම පක්ෂය නියෝජනය කරන සියලු පාර්ශවයන්ට ආරාධනා කරන බවද ඔහු සදහන් කළේය.

Rate this item
(0 votes)