March 28, 2024

ඇමැතිවරුන්ට බස් රථවලින් ගමන් බිමන් යන්න මහින්දගෙන් වැඩපිළිවෙලක්

February 25, 2020

ඉදිරියේදී අමාත්‍යවරුන් ද බස්රථවල ගමන්ගන්නා යුගයක් ඇති කල හැකි ප්‍රවාහන සේවයක්  සෑදිමට තමන්  කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ  හම්බන්තොට දක්වා වූ දිගුව විවෘත කිරීමෙන් පසු හම්බන්තොට සිට  කොළඹ දක්වා ගමන්කරන මගීන්ගේ  පහසුව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලංගම බස් 16 ක් මගී ප්‍රවාහනය වෙනුවෙන් එක්කිරීම අද (25) දා පෙරවරුවේ සිදුකෙරුණු අවස්ථාවේදී ය.

රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්ධන නාස්ති වනවා සේම විශාල ලෙස වටිනා කාලයක් වාහනවල ගත කරන්න සිදුව තිබෙන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, තිස්සමහාරාම, තංගල්ල ඇතුළු බස් නැවතුම්පොළවල් කීපයකින් මෙම බස් සේවාවන් අධිවේගී මාර්ගයේ ධාවනය  සදහා එක්කිරීම සිදු කෙරිණි මෙහිදි සිදු කෙරිණි.

 

Rate this item
(0 votes)