April 25, 2024

ඉඩම් අක්කර ලක්‍ෂයක් වැවිලි සමාගම් අල්ලා ගනී - රජයේ ඇතැම් වතු පුද්ගලික හිතවත්කම් මත බෙදාදීලා

February 25, 2020

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් වැවිලි සමාගම් විසින් මේ වනවිට නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ‌‌හෙළි කළේය. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළිදරව් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (24) පැවති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ රන්බිම ඉඩම් ඔප්පු  ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිි.

එම ඉඩම් භාවිත කිරීම සඳහා අදාළ කිසිදු වැවිලි සමාගමක් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත සතයක් හෝ ගෙවා නොමැති බවද අමාත්‍යවරයා ‌පෙන්වා දුන්නේය.

මීට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති 90%ක් පමණ වතු ප්‍රමාණයක ලාභ ලබන කොටස් තෝරා පෞද්ගලික හිතවත්කම් මත බෙදාදීමට පසුගිය කාලයේ කටයුතු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 February 2020 17:04