April 20, 2024

රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පත් කිරීමේ සියලු බලතල ජනපතිට පවරයි

February 25, 2020

විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා සියලු පුද්ගලයන් පත්කිරීමේ බලය ප්‍රතිපත්තියක් වශයෙන් ජනාධිපතිවරයාට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

විදේශ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් පූර්ණ බලැති රාජ්‍ය දූතයන් මෙන්ම තනාපති නියෝජිතයන් පත්කිරීමට හා බලතල පැවරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇති නමුත් ඇතැම් අවස්ථාවලදී විදේශ දූත මණ්ඩල කාර්යාලවල වෙනත් අනුමත තනතුරු සඳහා පත්කිරීම් කිරීමට කැබිනට් සංදේශ ඉදිරිපත් වන බැවින් ඇමැති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල කාර්යාලයන්හි සියලු තනතුරුවලට පත් කිරීම් මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙද සහය ඇතිව ජනාධිපතිවරයා සිදුකෙරෙනු ඇත.

Rate this item
(0 votes)