April 06, 2020

පරිවර්තන යුගයකට සජිත් යළි සූදානම්!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සෙසු බලවේගද එකතු කරගනිමින් සමඟි ජාතික බලවේගයක් ලෙස රට තුළ දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අත්‍යාවශ්‍ය ආහාර පාන වේදිකාවට ගෙනැවිත් ඒවායින් “සැපද ? සනීප ද? “ යන වචන භාවිතයෙන් යම් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට දේශපාලන ප්‍රබලයින් කටයුතු කරන බවත් පැවසීය.

නොවැම්බර් 16 වන දින සිදුවු පරිවාර්තනය තුළ ආහාර වර්ගවල හා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම තුළ “කාටද සැපක්, සනීපයක් දැනෙන්නේ“ යනුවෙන් ද මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

අද වන විට තෙල් මිල ලෝක වෙළඳ පොළ තුළ පහළ ගොස් ඇති බවත් බවත් පැවසු ඒ මහතා පසුගිය කාලයේ තෙල් මිල සුත්‍රයක් කථා කළ බවත්, ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහල යන විට ලංකාවේ පමණක් තෙල් මිල ඉහළ යන “අදූරදර්ශී සුත්‍රය කුමක් ද“ යනුවෙන් ද මෙහිදී ප්‍රශ්න කළේය.

ජනතාව ඇඳ වැටී ඇති මෙම ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ මහා පරිවර්තනාත්මක යුගය මහ මැතිවරණ ජයග්‍රහණයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු සජිත් ප්‍රේමදාස එහි තවත් එක් පියවරක් ලෙස ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද දිනයේ දී සමගි ජන බලවේගයේ කොටස්කරුවෙක් වු බවත් පැවසීය‍.

Rate this item
(0 votes)