April 06, 2020

ජනාධිපතිවරණයේ දී ඡන්දය නොදුන් සියලුදෙනා මහමැතිවරණයේදී ඡන්දය දෙනවා - එස්.බී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය දිනෙන් දිනම වැඩි වෙමාන් පවතින බව විද්වතුන් විසින් සිදු කරන ලද අහඹු සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

එමෙන්ම මෙවර මහ මැතිවරණයේදි පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය ජනාධිපතිවරයාට ඡන්දය නොදුන් සිංහල, දෙමළ, මුස්ලිම් විශාල ප්‍රමාණයක් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

කොත්මලේ, කරගස්තලාව ප්‍රදේශයේදී පැවැති ආගමික වැඩ සටහනිකින් අනතුරුව මාධ්‍යාවේදීන් නගන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"ගියවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වු නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර මහ මැතිවරණයේදි අපි ජයග්‍රහණය කිරීමට පියවර ගන්නවා. මහනුවර දිස්ත්‍රික්කයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට මමත් එව්වේ නුවරඑළිය ජයගන්න අවශ්‍ය  නිසයි. ඊට අමතරව අපි ගියවර ජනාධිපතිවරණයේදි පරාජයට පත් වු අම්පාර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක මෙවර  ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ගියවර ජනාධිපතිවරණ ප්‍රතිපල අනුව අපිට ආසන 127 ක් ලැබෙනවා. එසේ බලනවිට අපිට මහ මැතිවරණයේදි ආසන 150 සීමාවට යාමේ හැකියාව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපුර්ක ඇස්තමේන්තුව විපක්ෂනායකතුමාගේ තිබෙන අමනෝඥකම නිසා සහ තියෙන කුහකකම නිසා ඒකට විරුද්ධ උනා. ඒත් මාර්තු 02 දින රජය විසිරුවා හැරීමෙන් පසුව ඒ බලය ජනාධිපතිවරයාට පැවරෙනවා. ඉන්පසු ඒක අපි අනුමත කර ගන්නවා. 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හදපු ඡන්ද ක්‍රමයේ තියෙන විපාකයක් තමයි මේ  මනාප ක්‍රමය. එකම පක්ෂයේ අයත් මනාප ක්‍රමය නිසා පොඩි පොඩි කතා බහ හුවමාරු කර ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මෙම ක්‍රමය වෙනස්  කරන්න සිරිමාවෝ මැතිණියගේ සිට හැමෝම කටයුතු කරන්න උත්සාය ගත්තත්  එය සිදු කරගන්න බැරි උනා. ඒකට හේතුව කුඩා පක්ෂ මේ ක්‍රමයට එකගවීමයි. මේ ක්‍රමය නිසා කුඩා පක්ෂවලටත් එක් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගන්න පුළුවන් නිසා ඔවුන් මේකට කැමැතියි. ජනතා විමුක්ති පෙරමුණට ගියවර ජනාධිපතිවරණයේදි ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව බැලුවම ඔවුන්ට ලැබෙන්නේ මන්ත්‍රී ආසන ලංකාවෙන්ම එකයි. ඒ නිසා ඒ අයත් මේ ක්‍රමයට කැමැතියි."

Rate this item
(0 votes)