April 23, 2024

අද වන විට අපට තිබෙන්නේ අපේම නොවන අපේම ආණ්ඩුවක් - ප්‍රේමලාල් ජයසේකර

February 23, 2020

අද වන විට සාමාන්‍ය මහජනතාවට ඒල්ල වී ඇති සියලු ආර්ථිකමය ගැටලු වලට හේතුව වනුයේ මේ මාස 3නේ අපට තිබුණේ අපේම නොවන අපේම ආණ්ඩුවක් නිසයි. මේ මාස 3 න ඇතුලත අපි යහපාලන මරාලෙන්  ලබා ගත්තේ ඇත්තටම කකුලට පෑගුන (ජොනී බට්ටෙක්) හරියටම පුද්ගල නාශක බෝම්බයක් වගේ ආණ්ඩුවක්.“ යැයි එජනිස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

“කකුල උස්සනත් බැහැ ඒක දිගටම තියන් ඉන්නත් බැහැ. ඒ් කරැණු දෙකම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු කාරාණා දෙකක්. අපි සියලු දෙනා දැනගෙන හිටිය මේ මරාල ආණ්ඩුව බාර ගත්තොත් මේ වගේ ප්‍රතිවිපාක වලට මුහුණු දීමට සිදුවන බව. ඒ් දැන දැනත් අපි සියලු දෙනා සිමුහික වගකීමක් දරාගෙන මෙය බාර ගත්තේ, එසේ නොකලොත්  පාර්ලිමේන්තු කණ්ඩායමේ අපිට සිදුවෙන පුද්ගලික පාඩුවලට වඩා මේ රටට වන ‍‍විශාල හානිය වල්කවා ගන්නයි. අපිව හෙට දවසේ ප්‍රතික්ෂේප කලත් රට වෙනුවෙන් අප ගත්ත තීරණය ගැන අපි අද ආඩම්බර වෙනවා. එසේ නොකලා නම් රටට, ඔබ තමුන්නාසේලාට අහිතකර ගිවිසුම් ගනනාවක් යහපාලන රජය අත්සන් කර හමාරයි. පටු දේශපාලන වාසි නොතකා අපි මේ තීරණය ගත්තේ රට ගැන හිතලයි, ඔබ ගැන හිතලයි. අද වන විට අපට ඒම අහිතකර තත්වයෙන් සම්පූර්ණව මිදීමට හැකියාව ලැබිල තියෙනවා. ඉතිහාසයේ පලමු වතාවට අද වන විට මේ ආණ්ඩුවේ නායකයා, රටේ රාජ්‍ය නායකය දිවි පරදුවට තබල මව්බිම බේරගන්න ඉදිරිපත්වුණ රනවිරැවෙක්. රට බේර ගන්න ඉදිරිපත් වුන වීරෝධාර රණවිරැවෙක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති වුනේ පලමු වතාවට. ඒ් නායකත්වය යටතේ රට පෙරට වඩා සුරක්ෂිත බව අපි හැමදෙනාම දන්නවා. එමනිසා මාස තුනෙන් අපේ ආණ්ඩුවේ සාර්ථක අසාර්ථක බවට උප්පැන්න සහතික නොදෙන ලෙසත්, අප්‍රේල් මාසෙන් පසුව පිහිටුවන අපේම වන අපේම ආණ්ඩුවකින් ඔබ තමුන්නාසෙලා මේ තාවකාලික ආර්ථික පීඩනයෙන් මුදවා ගනු ලබනවා. ලොකයේ තිබුණ භයානකම ත්‍රස්තවාදී කන්ඩායමක් පරාජයට පත්කිරීමට නායකත්වය දුන් සෙන්පතියාට හෙට දිනයේදී මේ රට වෙලාගෙන තියෙන ආර්ථික ත්‍රස්තවාදයද මුලිනුපුටා දැමිය හැකි බව මට ව්ශ්වාසයි.“ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුයේ බලංගොඩ නගරයේ වෙලගෙ පුරාණ විහාරස්ථානය සඳහා විදුලි ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම කිරීමේ අවස්ථාට සම්බන්ධ වෙමින් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරැ දෙන අවස්ථාවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ අනාගත පාර්ලිමේන්තුවේ සංයුතිය 1996 ලෝක කුසලාන දිනා ගත් කන්ඩායමේ සංයුතිය ලෙස සැදුම්ලතහොත් 2025 වන විට රට නියමිත ඉල්ලක කරා ගෙන යාම පහසු වන බවයි. ඔබට මතක නම් 96 කන්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කරන විට කණ්ඩායම ජේෂ්ඨ, කණිශ්ට, උපායශිලී නායකත්වයක්, ලොවක් ආදරය කල ක්‍රීඩකයන්, බුද්ධිමත් ක්‍රීඩකයන්, වැනි විවධ මට්ටමේ ද්කෂතා ඇති කාර්යශූර්ය කන්ඩායමක් සිටි බවත් 2020 පාර්ලිමේනතුවත් ඒවැනි කන්ඩායමක් නියෝජනය කරනු ඇතියි තම වි‍ශ්වාසය බවත් පැවසීය.

හෙතෙම තව දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ මැතිවරණය ගේ දොරකොඩටම පැමින ඇති මේ අවස්ථාව වන විටත් එ.ජා.පයට තවමත් ස්ථීර ජන්ද ලකුනක් සොයගත නොහැකිව රනිල්, සජිත් පාර්ශව දෙක සුපුරැදු පරිදි කඹ ඇදිමේ ක්‍රීඩාවේ නිරත් වී ඇති බවත්,  ජන්දය කිට්ටු වෙන අවස්ථාවේදී රනිල් මහතා විසින් ඒම ලණුවම සජිත් මහතාට ගිල්ලවනු ඇති බවත්, ඉන් පුසුව මොන ලකුණෙන් ආවත් පරාජයට පත්වන බවත්, ඉන්පසුව අලියා වල්වැදී වල්මත් වනු ඇති බවත් පැවසීය.

අවසාන වශයෙන් දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ වට්ටි, සහ කූඩ යොදා  දෛනික වේතනය සොයා ජීවිකාව ගැට ගසා ගන්නා ජනතාවට යම් සහනයක් ලැබී ඇති බවත් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පතවෙමින් ඇති බවත්ය. ඒ් පිලිදව ජනාධිපතිතුමාට සහ අගමැතිවරයාට තමස්තූතිය පිරිනමන බවත්,  ඒ්වගේම ලැබූ සහනය පරිසරය විනාශ නොකර එය ආරක්ෂා කරමින් පතල් කර්මාන්තයේ නිරත වන ලෙසද ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින ලදි.

         

Rate this item
(0 votes)