April 20, 2024

තිලංගට තරග පාවාදීමේ චෝදනා නෑ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියකින් තහවුරු වෙයි

February 23, 2020

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල මහතා හට තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හෝ කිසිදු වංචා දූෂණ චෝදනාවකට වැරදිකරුවකු කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියකින් තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී ඈෂ්ලි ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා වෙත ලිපියක් යවමින් කියා කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්තාවලට අනුව මේ වන තෙක් තිලංග සුමතිපාල මහතා හට කිසිදු වංචා දූෂණ චෝදනාවකට හෝ තරග පාවාදීමේ චෝදනාවකට වැරදිකරු වී හෝ සම්බන්ද වී ඇති බවට අනාවරණය හෝ වී නොමැති බව ය.

එම ලිපිය පිළිබද බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර පැවතෙන තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අතරතුර මාධ්‍ය වේදීන් විමසූ විට ඈෂ්ලි ද සිල්වා මහතා එම ලිපිය ගැන කරුණු තහවුරු කලේය.

ක්‍රිකට් තරඟ පාවාදීම පිළිබඳව ශ්‍රී ලංකාවට ඇති චෝදනා සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධකර ගනිමින් මෙම පරීක්ෂණය මේ වන විට සිදුකරයි.

එම පරීක්ෂණ මණ්ඩලය විසින් පරීක්ෂණ 6 ක් සිදු කරන අතර තරඟ පාවාදීම හෝ ක්‍රිකට් වලට සම්බන්ධ වෙනත් වංචා දූෂණ ඇත්නම් අදාල පුද්ගලයන්ට චෝදනා පත්‍ර ලබා දීම මෙම පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරයි.

එවැනි කිසිදු චෝදනා පත්‍රයක් මෙතෙක් තිලංග සුමතිපාල මහතා වෙත ලබා දී නොමැති බවද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් තරඟ පාවාදීම් වලට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත් විනිසුරුවරුන්ට බලපෑම් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාලව රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එම ලිපිය පහතින්

Rate this item
(0 votes)