April 20, 2024

ජනපතිවරණයෙන් පසු බැස තිබූ පොහොට්ටුවේ සක්‍රීය දේශපාලනය යළි අරඹයි Featured

February 23, 2020

ජනාධිපතිවරණයෙන් පසු නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතු අරඹමින් ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ නියෝජිතයන් පිරිසක් පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපතිවරණයට පෙර විවිධ කණ්ඩායම් නෙළුම් මාවත කාර්යාලයට පැමිණීම සාමාන්‍ය දසුනක් වී තිබුනද ජනාධිපතිවරණය අවසන් වී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වීමත් සමගම නෙළුම් මාවත පාලුවට ගොස් තිබුණි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා යලි පැමිණීමත් සමගම ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නෙළුම් මාවත කාර්යාලය යලි සක්‍රීය වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 23 February 2020 09:18