April 19, 2024

මේක භාර ගන්නකොටම මම කිව්වා එයාලටම කරගෙන යන්න දෙන්න කියලා - අගමැති Featured

February 23, 2020

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හාරිස්පත්තුව ප්‍රෙද්ශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ , පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධ වන බවට තමා  කල්තබා තේරුම්ගෙන සිටි බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"මම මේක භාරගන්න අවස්ථාවේම කිවුවා,මේක භාරගන්න එපා කියලා, ආණඩුව එයාලටම කරගෙන යන්න දෙන්න කියලා. හැබැයි වැඩිදෙනා කිව්වේ භාරගෙන අපි මේක කරමු කියලා. විපක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් තියාගෙන ඉදිරියට යන්න බෑ කියලා අපි විශ්වාස කළා. අපි මාර්තු 1 වනදාගෙන් පස්සේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයට යා යුතුයි. වත්මන් ජනාධිපතිවරයා බොහොම සරළයි, අකුරක් අකුරක් පාසා කැබිනට් පත්‍රිකාව කියවලා ආව එකම ජනාධිපතිවරයා එතුමා තමයි කියලා මම හිතන්නේ..මාත් ජනාධිපතිකම කළානේ. වැඩ කරන්න ඕනේ කමක් තියෙන ජනාධිපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා. අපි දුන්න නියෝගයක් ක්‍රියාත්මක කරපු රජයේ නිලධාරියෙකුට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා අපි අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය නිලධාරියා සත්භාවයෙන් කරන කිසිම ක්‍රියාවකට නඩු පවරන්න බෑ කියන එකට යම් පියවරක් ගන්න."

Last modified on Sunday, 23 February 2020 17:43