April 19, 2024

මහ මැතිවරණෙයන් පසු පළාත් සභා මැතිවරණයට - පැරණි ක්‍රමයට තියන්න නීති සකසා අවසන්

February 20, 2020

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වනවිටත් සකස්කර අවසන් යැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ(19) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

පළාත් සභා මැතිවරණය කල්යෑම හා පළාත් සභා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද පවත්නා නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
තම අමාත්‍යංශය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යංශය එක්ව ඒ සඳහා අවශ්‍ය නීති සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා  මෙසේ ද සදහන් කළේය.
 
“පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙනවා.ඒ සදහා වු නීති අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යාංශය එක්ව සකස් කරනවා.පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යාම පිළිබදව විවිධ අදහස් පළ වෙනවා.පළාත් සභා මැතිවරණය වසර ගනණාවකින් පැවැත් වුයේ නැහැ .ඒ නිසා ජනතාවට අවශ්‍ය සේවය සිදු කර ගන්න බැහැ.පළාත් සභා වලින් වන සේවය පිළිබදව පළාත් සභා ඕන ද නැද්ද කියන එක වෙනම කාරණයක් වන බැවින් ඒ පිළිබදව වෙනම සාකච්ඡා කළ යුතුයි.ඒත් පවතින නීතියට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අපි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම කටයුතු කරන බව කිව යුතුයි.ඒ සදහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරමින් තිබෙනවා“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 February 2020 23:58