March 29, 2020

ඇමෙරිකාවෙන් වීසා අයැදුම්කරන්න එපා යැයි මරික්කාර් ඉල්ලයි

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට වීසා ලබා නොදීමට ඇමෙරිකානු රජය දමා ඇති වාරණය ඉවත් කරන තුරු ඇමෙරිකාවෙන් වීසා අයදුම් නොකර ඉන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා ප‍්‍රකාශ කළේය.

ශවේන්ද්‍ර සිල්වා මහතාට දැමූ තහනම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට දැමූ තහනමක් සේ සැළකිය යුතු යැයි ද එකී වාරණය තරයේ හෙළා දැකිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඔහුට පනවා ඇති තහනම ඉවත් කරන තුරු තමන් කිසිම විටෙක දී ඇමරිකාවෙන් වීසා නොඉල්ලන බව පැවසූ මරික්කාර් මහතා එසේ කරන්නැයි සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ද විශේෂයෙන් පොහොට්ටුවේ පිරිසගෙන් ද  ඉල්ලා සිටින බව කීය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Rate this item
(0 votes)