March 29, 2020

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂ නව සන්ධානයේ නායකත්වය අගමැතිට - සභාපති ධුරය හිටපු ජනපතිට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී සිටියි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි ලේකම්වරයායි. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි.

නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද දිනයේ ලිපිලේඛන භාරදුන් බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

Rate this item
(2 votes)