March 29, 2020

භික්ෂුනීන් වහන්සේලාගේ ජාත්‍යන්තර සම්මේලනයක් ඇරඹෙයි

බෞද්ධ භික්ෂුනීන් වහන්සේලාගේ ජාත්‍යන්තර සම්මේලනයක් ආරම්භ කිරීම පසුගියදා ගල්කිස්ස හෝටලයේ දී සිදු විය.

වියට්නාම් ඇමරිකානු භික්ෂුණියක ලෙස කටයුතු කරනු  කරන ආචාර්ය එලිසබෙත් වෝ භික්ෂුණි වහන්සේගේ අදහසකට අනුව මෙම ජාත්‍යන්තර භික්ෂුණි සම්මේලනය ආරම්භ වූ අතර ඒ සදහා ලාංකීය භික්ෂුණි වහන්සේලා මෙන්ම නේපාල, ලාඕස, වියට්නාම් ආදී රටවල් නියෝජනය කරමින් ද භික්ෂුනීන් වහන්සේලා මෙම අවස්ථාවට සම්බන්ධ විය.

එදිනම භික්ෂුණීන් වහන්සේලා උදෙසා මහා දානමය පිංකමක් සිදු කිරීම ද එලිසබෙත් වෝ භික්ෂුණිය වෙතින් සිදුවිය.

ලංකාවේදී ආචාර්ය බෞද්ධ දර්ශනය පිලිබද ආචාර්ය උපාධියක් ලැබූ ඇමරිකානු - වියට්නාම් භික්ෂුණිය ආචාර්ය එලිසබෙත් වෝ භික්ෂුණියයි. පැවීදි වීමට පෙර ඇය දක්ෂ ව්‍යවසායිකාවක වූ අතර, රූ රැජිනක් ලෙස කිරුලු පළදා තිබිණ.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 February 2020 12:56