March 29, 2020

RMV හොර ගුහාවේ හොරු අල්ලන්න ඉන්නේ නිලධාරීන් තුන්දෙනයිලු

අල්ලස් ගැනීමට හා දුෂණයට ප්‍රසිද්ධියක් උසුලන මෝටර් රථ ප්‍රවාහන දෙපර්තම්නේතුවේ වංචාවන් සෙවීමට තිබෙන අභ්‍යන්තර විගණන අංශයේ සිටින්නේ සේවකයින් තිදෙනක් පමණක් බවට තොරතුරු වාර්තා වේ.

අභ්‍යන්තර විගණන අංශය මෙසේ දුර්වල කිරීම සිදුවන දුෂණ වංචා යට ගැහීමට ඉහල නිලධාරීන් හිතාමතාම කරන කටයුත්තක් බවටද කරුණු හෙලිදරව් වේ.

නාරාහේන්පිට හා වේරහැර කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල 25ක සේවක සේවිකාවන් 963කගේ පමණ කටයුතු සොයා බැලීමට සිටින්නේ මෙම නිලධාරීන් තිදෙනා පමණි. ඉන් එක් අයෙක් එහි අංශ ප්‍රධානියා වන අතර අනෙක් දෙදෙනා එහි සේවය කරන්නන් වේ. 

Rate this item
(0 votes)